42.31%
17.27%
32.76%
August 15, 2024

මියන්මාරයේ Myawaddy හි වහල් කඳවුරුවල රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකුගෙන් 20 දෙනෙකු නිදහස් කර තිබේ.

ඔවුන් සම්බන්ධ නීතිමය කටයුතු නිරාකරණය කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා ආගමන විගමන බලධාරීන්ට මේ වන විට භාර දී ඇති බව වාර්තා වේ.

ඔවුන් නිදහස් කර දේශසීමා ප්‍රදේශය හරහා තායිලන්තයට යවා ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිනී පොන්නම්පෙරුම තහවුරු කර තිබේ.

මෙය මියන්මාරයේ සහ තායිලන්තයේ බලධාරීන් සමඟ ශ්‍රී ලංකාව නොපසුබටව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් බව තානාපතිවරිය පවසයි.

 

42.31%
17.27%
32.76%