Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයන් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පානදුර ප්‍රදේශයේ හෝටලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USB කේබල් 332ක්, රවුටර 17ක් සහ අනෙකුත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් සමඟ මෙම පිරිස සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පසුගිය ඉරිදා චීන ජාතිකයන් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 04 දෙනෙකු සහ තායි ජාතිකයන් 06 දෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සමාජ මාධ්‍ය සහ දුරකථන භාවිත කරමින් මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන් අනතුරුව මේ සතියේ සඳුදා තවත් චීන ජාතිකයන් 19 දෙනෙකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචාවලට සම්බන්ධ බවට චෝදනා කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart