September 18, 2024

පාකිස්ථාන සහල් අපනයනකරුවන්ට ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලාංකික සමාගම් අසාදු ලේඛනගත කිරීමට පකිස්ථාන වාණිජ අමාත්‍යාංශය කටයුතු කිරීමට සූදානම් වේ.

පසුගිය සඳුදා (16) එරට සෙනට් සභික අනුෂා රහමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ වාණිජ කටයුතු පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ රැස්වීමේදී වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම තීරණය දැනුම්දී ඇත.

ශ්‍රී ලංකා සමාගම් දෙකක් පකිස්ථාන සහල් අපනයනකරුවන්ට ගෙවීම් පැහැර හැර ඇති බවත්, පකිස්ථාන බලධාරීන්ගෙන් ඔවුන්ට සහනයක් නොලැබෙන බවත් කමිටුවට දන්වා තිබේ.