December 26, 2023

සුනාමි ඛේදවාචකයට අදට වසර 19ක් සැපිරේ.

2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට දැවැන්ත සුනාමි රළ පහරවල් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ලක්ෂ තුනකගේ පමණ ජිවිත අහිමි විය.

ශ්‍රී ලංකාවේ පමණක් සුනාමියෙන් අහිමිවූ ජිවිත ගණන 40,000කට ආසන්නය.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ සිදුවූ දරුණු භූ කම්පනයක් හේතුවෙන් මෙම සුනාමිය නිර්මාණය වී තිබිණි.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක් වූ 2004 දෙසැම්බර් 26 වැනි දින, මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය පැරෑලියේදී සුනාමියට ගොදුරු වීම මගින් ඛේදවාචකයේ බිහිසුණු බව ලොවටම පෙන්වීය.

මේ අතර අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිහැඬියාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුනාමියෙන් මියගිය පිරිස් සිහිකෙරෙන ප්‍රධාන සැමරුම හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%