February 24, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මේ අතරින් වාහන 99ක් පිළිබඳ භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබිණි.

මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති සියලු වාහන පිළිබඳ භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කළයුතු බව විගණනය මඟින් නිර්දේශ කොට ඇත.

මේ පිළි බඳ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන්කොට ඇත්තේ, මෙම වාහන 176 සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට කටයුතු කරමින් පවතින බවය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.(මව්බිම)