April 20, 2025

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අප්‍රේල් 18 වන විට පැමිණිලි 1,712ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් 9ක් ප්‍රචණ්ඩ ක්‍රියා වන අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 1,577 කි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි ඒ අතරින් පැමිණිලි 1,506ක් විසඳා ඇති අතර ඉතිරි 206 විසඳීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටියි.

එවැනි සංඛ්‍යාවකින් පැමිණිලි ලැබී තිබුණ ද පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාවට අදාළව තත්ත්වය බරපතළ නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි උපුටා දක්වමින් themorning පුවත්පත වාර්තා කර තිබේ.

පැෆ්රල් සංවිධානයට වාර්තා වී ඇති මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් ගණන 255 ක් බව එහිදී රෝහණ හෙට්ටිආරච්චි පවසා ඇති අතර බොහෝ සිදුවීම් අලුත් අවුරුදු උත්සව සඳහා අපේක්ෂකයින් ලබාදුන් සහයෝගයන් සම්බන්ධ වන අතර මැදකැටිය, තංගල්ල, බේරුවල, මොරටුව, මාවතගම සහ කළුතර යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වාර්තා වී ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.