July 12, 2024

සතියකට ලොව පුරා කොවිඩ් 19 මරණ 1,700 ක් පමණ තවමත් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය අවධාරණය කරන්නේ අවදානම් සහගත කණ්ඩායම් රෝගයට එරෙහිව එන්නත් ලබා ගැනීම වැදගත් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් පවසන්නේ මේ වනවිට එන්නත් ලබාගැනීමේ අඩුවක් නිරීක්ෂණය වන බවයි.

මරණ අඛණ්ඩව වාර්තාවෙමින් තිබියදීත් සෞඛ්‍ය සේවකයන් සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත් ලබා ගැනීම අඩු වී ඇති බව දත්තවලින් පෙනී යන්නේයැයි ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ඉහළම අවදානම් කණ්ඩායම්වල පුද්ගලයන්ට ඔවුන් අවසන් වරට ලබාගත් කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස 12 ක් ඇතුළත නැවත එන්නතක් ලබා ගත යුතු බව යැයි ඔහු පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ වන විට කොවිඩ් මරණ මිලියන හතකට වඩා වාර්තා වී ඇති අතර සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවට උපකල්පනය කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් වෛරසය පිළිබඳ නිරීක්ෂණය කරන ලෙසත් දැරිය හැකි සහ විශ්වාසදායක පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කරන ලෙසත්ය.