August 12, 2023

වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවකු ජා-ඇළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසිදෙහැවිරිදි ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දාහත් හැවිරිදි පාසල් සිසුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පැවැසේ.

දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවටද කරුණු විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.