Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල-හමාස් ගැටුම මධ්‍යයේ ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනාගේ කණ්ඩායමට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන ප්‍රදේශයෙන් ඉවත්වී රෆා දේශසීමාව ඔස්සේ ඊජිප්තුවට ඇතුළුවීමට අවසරදී තිබේ.
ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව මෙම ශ්‍රී ලාංකිකයින් අතරින් 15 දෙනෙකු අද පස්වරුවේ ඊජිප්තුවට ළඟා වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා, ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත්කර ගැනීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවද පැවසීය.
ඊශ්‍රායල-හමාස් යුද්ධය ඔක්තෝබර් මස මුලදී උත්සන්න වීමට පටන්ගැනීමෙන් පසු තුවාල ලැබූ පලස්තීනුවන් සහ විදේශීය ජාතිකයන් ගාසා තීරයේ සිට ඊජිප්තුවට පැමිණීමට පටන් ගත්තේ ඊයේ දිනයේ සිටයි.
විදෙස් මාධ්‍ය පවසන පරිදි, වටලනු ලැබූ ගාසා තීරයේ කොටු වී සිටි 500කට අධික විදේශිකයන්ගේ මූලික ලැයිස්තුවේ සිටින විදේශීය ජාතිකයන් 360කට වැඩි පිරිසක් කටාර් මැදිහත් වූ ගනුදෙනුවක් යටතේ රෆා දේශසීමා හරහා ඊජිප්තුවට ඇතුළු වී ඇත.
ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බල්ගේරියාව, චෙක් ජනරජය, ෆින්ලන්තය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, ජෝර්දානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන් මේ යටතේ ඉවත්කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
තවත් විදේශිකයන්ට පිටවීමට හැකි වන පරිදි රෆා දේශසීමා හරස් මාර්ගය අද නැවත විවෘත කරන බව ගාසා බලධාරීන් පවසා තිබේ.
ඒ අනුව විදේශිකයන් 7,500ක් පමණ සති දෙකක පමණ කාලයක් ඇතුළත ගාසා තීරයෙන් පිටව යනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර පවසයි.
මේ අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර උපුටා දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, හමාස් සංවිධානය විසින් මේ මස මුලදී දියත් කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු අතුරුදහන්ව සිටින ශ්‍රී ලාංකිකයා ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටින බවට සැක කරන බවයි.
48 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු ඔක්තෝබර් 07 වැනිදා එනම් හමාස් සටන්කාමීන් අවහිර කරන ලද ගාසා තීරයේ සිට අසල ඊශ්‍රායල නගරවලට පෙර නොවූ විරූ ප්‍රහාරයක් දියත් කළ දිනට පසු දින සිට අතුරුදහන් වූ බව වාර්තා විය.
ඔහු වහාම නිදහස් කිරීමට පහසුකම් සැලසීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart