February 4, 2025

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුණුපොල්ල අනාවරණය කරන්නේ, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ ෆේස්බුක්(meta) ආශ්‍රිත සයිබර් අපරාධ 1,600 ක් සහ වට්ස්ඇප් සයිබර් අපරාධ ආශ්‍රිත සිදුවීම් 60-70 ක් පමණ වාර්තා වී ඇති බවයි.

මේවා ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නොදන්නා සහ අනවශ්‍ය පණිවිඩ, උදව් ඉල්ලීම්, ෆේස්බුක් සහ එහි පණිවිඩකරණ වේදිකාව(messaging platform) හරහා එන වෙනත් ආකාරයේ ඉල්ලීම් නිසා බව ඔහු පෙන්වාදෙයි.

“මිනිසුන් දෙවරක් නොසිතා ප්‍රතිචාර දක්වන නිසා කරදරවලට වැවෙනවා” ඔහු අනාවරණය කරයි.

මෙම තත්වයට පිළියමක් ලෙස, පරිශීලකයින් දැනුවත් විය යුතු, අවදියෙන් සිටිය යුතු සහ ඔවුන්ගේ සැකසුම් නිතිපතා සමාලෝචනය කළ යුතු බව චාරුක දමුණුපොල්ල ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%