42.31%
17.27%
32.76%
October 3, 2024

2020 අගෝස්තු 20 වැනි දින රැස් වූ සහ 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින ලද ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුව, එහි වාරය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩු 19ක් පුරවා තිබේ.

සමස්තයක් වශයෙන්, මෙම කාලය තුළ නව සාමාජිකයන් 16 දෙනෙකු අවස්ථා 18 කදී පත්කර ඇති අතර, ඒ අනුව සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 241ක් වේ.

එම අවස්ථාවන් කිහිපයක් මෙසේ දැක්වේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජයන්ත කැටගොඩ ඉල්ලා අස් වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්විය.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වූ අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජයන්ත කැටගොඩ යළි පත්කෙරිණි.

එසේම මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ අසුන සඳහා ඒ.එච්.එම්. ෆවුසි පත්කෙරුණු අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් පුරප්පාඩු වූ ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා යළිත් මුජිබර් රහ්මාන් පත්කෙරිණි.

කෙසේවෙතත් පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුරයට නව මන්ත්‍රීවරයකු පත්කර නොතිබිණි.

මෙම කාලසීමාව තුළ සිදුවූ වැදගත්ම සිදුවීමක් වූයේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වීමයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවට නව මන්ත්‍රීවරයකු පත් කිරීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත්කර තිබේ.

නවවැනි පාර්ලිමේන්තුව වාර හතරකදී කැඳවන ලදී.

එහි පළමු වාර දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද අතර තුන්වැනි සහ සිව්වැනි වාර ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

මෙම කාලය තුල පාර්ලිමේන්තුව දින 390ක් රැස්විය.

42.31%
17.27%
32.76%