Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොලොන්නාව අංක 18 ටැංකියේ ගබඩා කරන තිබූ පෙට්‍රල් තොගයක් අස්ථානගත වී ඇතැයි වාර්තා වේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් sethmil නම් ටෙන්ඩර්කරු මගින් cheng hai kaitho නැව යොදාගනිමින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36000ක් ආනයනය කර තිබිණි.
එම තොගය ගොඩබා කොලොන්නාව අංක 18 ටැංකියට ගබඩා කිරීමේදී ප්‍රමාණය ඉක්මවා ගබඩා කර ඇති බව වාර්තා වේ.
ගබඩා කරන අවස්ථාවේ දෛනික තොග නිෂ්පාදන අංශයේ ටැංකි මිනුම්කරුවන් විසින් මිනුම්කිරීමේදී නියමිත ගබඩාකිරීමට වඩා වැඩි පෙට්ටල් ප්‍රමාණයක් මෙම අංක 18 ටැංකියට ගබඩා කර ඇති බවත්, 21/12/2023 උදෑසන මිනුම්කිරීමේදී ගබඩා කරන ලද ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක පෙට්‍රල් හිඟ ශේෂයක් පෙන්නුම් කර ඇති බවත් වාර්තා වේ.
එම හිඟය ලීටර් 150,000කට ආසන්න බව කියැවේ.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසුණේ කොලොන්නාව පොම්පගාරයේ ඒ පිළිබඳ සටහන් තබා ඇති බවයි.
මෙලෙස 2023 දෙසැම්බර් මස 21 වැනි දින අලුයම් කාලය දක්වා පෙට්‍රල් මෙට්‍රික් ටොන්13,000ක ප්‍රමාණයක් අංක 18 ටැංකියේ මීටර් 12.5ක උපරිම ධාරිතාවක් දරන ටැංකියට, ඉන් ඔබ්බට යමින් තවත් මීටරයක් දක්වා හෝ ආසන්න ප්‍රමාණයක් දක්වා ගබඩා කිරීම සිදුකර ඇත්තේ තොග චලන තොග නිෂ්පාදන අංශයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බව වාර්තා වේ.
දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව, හිඟ ඉන්ධන ප්‍රමාණය ආවරණය කිරීමට ජලය මීටරයක ප්‍රමාණයක් නැවත එම ටැංකියට එකතු කිරීමට ඉහළ නිලධාරීන් උපදෙස් ලබාදුන් බවත්, ඒ අනුව එම කටයුතු සිදුකළ බවත් එම පොම්පාගාරයේ වැඩ නායකවරුන් විසින් සටහන් තබා වාර්තා කර ඇති බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart