October 5, 2023

අයි.සි.සි. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ඉන්දියාවේදී ආරම්භ වේ.

පසුගිය වර ශූරයන් වූ එංගලන්තය සහ අනුශූරයන් වූ නවසීලන්තය අතර අහමදාබාද් හිදී අද පස්වරු 02ක⁣ට ආරම්භ වන  තරගයෙන් තරගාවලියේ සමාරම්භය සිදුවන්නේය.

තරගාවලිය සදහා මෙවර කණ්ඩායම් 10ක් සහභාගි වන අතර, තරග 48ක් දින 46ක් පුරා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 10කදී පැවැත්වේ.

අද (05) සිට නොවැම්බර් මස 19වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ දි ඉන්දීයාව,ශ්‍රී ලංකාව,පාකිස්ථානය,බංග්ලාදේශය,ඔස්ට්‍රේලියා,නවසීලන්තය,එංගලන්තය, ඇෆ්ගනිස්තානය,දකුණු අප්‍රිකාව සහ නේදර්ලන්තය තරග වදින කණ්ඩායම් වේ.

ඊයේ (04) තරගාවලිය ආරම්භ වීමට පෙර දිනයේ, තරගාවලියට එක්වන සියලු ක්‍රිකට් කණ්ඩායම් හි නායකයෝ එක්ව ජනමාධ්‍ය හමුවක් පැවැත්වූහ.

මේ එහිදි අදහස්, දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙසේ පැවැසීය.

“අපි පසුගිය කාලයේ ආබාධවලට ලක්වෙලා ගොඩක් දඟලනවා. ඒත් එක්කම අපි ළඟ හොඳ වාර්තා කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටිනවා. හැමෝටම ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි, අපි මෙතන ඉන්නේ මේ තරගාවලියේ හොඳින් දස්කම් දක්වන්න කියලා. ”

1975න් ඇරඹි එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් පැවති තරගාවලි අතුරින් වැඩිම අවස්ථා ගණකදී ශූරයන් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් පස්වතාවක් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබේ.

එහිදි 1999, 2003 සහ 2007 යන එක්දින ලෝක කුසලාන ත්‍රිත්වය අඛණ්ඩව ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වූයේ රීකි පොන්ටින්ගේ  නායකත්වය යටතේය.

පළමු තරගාවලි ශුරතා දෙකම (1975,1979) එකවර ජයගැනිමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත්වූ අතර, ඉන්දියාව 1983 සහ 2011 ශූරතා ජයග්‍රහණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාව ,පාකිස්ථානය සහ එංගලන්තය එක් අවස්ථාව බැගින් ලෝක,කුසලාන එක්දින ශුරතාව ජයග්‍රහණය කර තිබේ.