Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුනාමි ඛේදවාචකයෙන් මියගිය, පසුව හමුවූ අනන්‍යතාව තහවුරු කර නොගත් පුද්ගලයන් 137 දෙනකුගේ මළසිරුරුවල අස්ථි කොටස් තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කර ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා පවසයි.
අක්මීමන, කුරුඳුවත්ත ප්‍රදේශයේ ඊයේ (26) පැවැති සුනාමි සැමරුම් පින්කමට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම මෙකී මළ සිරුරුවල අස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා යොදාගන්නා බව ඔහු පවසයි.
සුනාමි ඛේදවාචකය සිදුවී මාසයක් සහ මාස නමයක් අතර කාලය තුළදී තෙල්වත්ත සහ පැරෑලිය යන ප්‍රදේශවල පිහිටි කඩොලාන සහ වගුරුබිම්වල තිබී මෙකී මළ සිරුරුවල කොටස් හමුවූ බවද හෙතෙම සඳහන් කරයි.
මළසිරුරු කොටස් සමඟ හමු වූ ඇතැම් පුද්ගලයන්ගේ ඇඳුම්, පැලඳුම්, උපැස් යුවළ, ඉතා සුරක්ෂිතව තවමත් තිබෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබේ.
සුනාමි ඛේදවාචකයෙන් පසු මුල් මාස කිහිපය තුළදී මෙම මළසිරුර අස්ථි කොටස් මියගිය අයගේ ඥාතීන්ට හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනයට තබා තිබූ බවත්, එහෙත් මෙම මළසිරුරු කොටස්වල අනන්‍යතාව තහවුරු කර ගැනීමට කිසිදු අයකුට නොහැකි වූ බවත්, හෙතෙම පවසයි.
මහාචාර්යවරයා එහිදී මෙසේද පවසා ඇත.
”ආපදාවකදී මියයන පුද්ගලයන්ටද මානව ගරුත්වයක් තිබිය යුතුයි. ගෞරවනීය ලෙස මේ අයගේ දේහයන් භූමදානය සිදුකළ යුතු වෙනවා. 2004දී වූ සුනාමි විපතේදී රජයේ ගණන් හිලව්වලට අනුව මෙරට හතළිස් දහසක් විතර මියගියා. නමුත් ඉන් සියයට දහයකගේවත් අනන්‍යතාව නිවරැදිව හඳුනාගත්තේ නැහැ.
මේ සියලුදෙනා සමූහ මිනී වළවල්වල එකට සැතපෙනවා. ඒ කාලයේ පැවැති රජයට අවශ්‍ය වුණේ කොයි විධියකින් හරි මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් ඉවත් කරන්න. දේශපාලනඥයන් අණදුන්නේ සමූහ මිනීවළවල් කපලා සිරුරු වළ දමන්න කියලා. අවිධිමත් ආකාරයට තමයි හැම දෙයක්ම සිදුවුණේ.
ඇතැම් විදේශිකයන්ගෙත් මළසිරුරු මේ අයුරින් වළ දැම්මා. නමුත් විදේශීය රටවල තානාපති කාර්යාලවලින් එල්ල වූ බලපෑම් නිසා විදේශිකයන්ගේ මළසිරුරු ගොඩගන්න වුණා, මොවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා. සුනාමි රළ පහරට හසු වී මියගිය තම මවගේ, පියාගේ, සහෝදරියගේ, සහෝදරයාගේ, දරුවන්ගේ මළසිරුරු නොදැකපු විශාල පිරිසක් තවමත් ඉන්නවා.
සුනාමියෙන් පසු ආපදා කළමනාකරණ පනත හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් යම් දෙයක් කෙරිලා තියෙනවා. ගොඩනැඟිලි සැලසුම්, අවතැන් වූ පිරිස් ගැන, උන්හිටිතැන් අහිමි වූ පිරිස් ගැන මෙහි සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ නීතිරීති හදලා තියෙනවා. පුහුණුවීම්, නොයෙකුත් පෙරහුරු, ආපදා තත්ත්වයකට මුහුණදෙන අයුරු පිළිබඳ ජනතාව දැනුවත් කරලා තියෙනවා.
ආපදා කළමනාකරණ පනතේ මේ සියලු කරුණු කාරණා ගැන සඳහන් වුවත් ආපදාවකදී මියයන අය ගැන කතා කරන්නේ නැහැ. ආපදාවකදි මියයන පුද්ගලයන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා ජංගම මෘත ශරීරාගාර දිස්ත්‍රික්කයක එක රෝහලකවත් ඇති කළ යුතු වෙනවා. මෘත දේහයන් තාවකාලික ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කළ යුතුයි. මම හිතන්නේ එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන රෝහලක් තෝරාගෙන මේ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු වෙනවා.”(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart