Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10.00 වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබේ.
අම්පාරෙන් මරණ අටක් සහ බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් වාර්තා වී ඇත.
විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර, දිස්ත්‍රික්ක 23ක පවුල් 99,876ක පුද්ගලයන් 335,155ක් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
පවුල් 8,678ක පුද්ගලයන් 27,717ක් ආරක්ෂිත ස්ථාන 279ක රඳවා සිටින අතර, පවුල් 18,025ක පුද්ගලයන් 61,290ක් ඥාතීන්ගේ නිවෙස් වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 1708කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 95ක් විනාශ වී තිබේ.
එමෙන්ම බදුල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට නාය යෑමේ කහ, ඇම්බර් සහ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම, අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, වවුනියාව, මහනුවර, බදුල්ල, පොළොන්නරුව සහ නුවරඑළිය යන ප්‍රදේශවල ජලාශ කිහිපයක වාන් දොරටු අද පෙරවරු 06.00ට විවෘත කෙරිණි.
ඒ අනුව මහවැලි ගඟ, හැඳඔය, දැදුරුඔය, මුන්දෙනි ආරු, මල්වතු ඔය, කලාඔය සහ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මාතර, බදුල්ල, පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව්, වවුනියාව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද අද උදෑසන වන විට මාර්ග ගමනාගමයට බාධා වාර්තා වී තිබේ.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ 2723 දෙනෙකු යොදවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart