June 7, 2024

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

හිටපු නාවික හමුදාපතිවරයා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවන් හමුවේ අද විභාගයට ගැණිනි.

මෙම රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපතිවරයා නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව අභිනවයෙන් පත්කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ රිට් පෙත්සම ජුනි මස 25 වැනිදා විභාගයට ගැනීමට නියම කර ඇත.

42.31%
17.27%
32.76%