September 11, 2024

විදේශගත ශ්‍රමිකයන් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබේ.

මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇත.

රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිව තිබිණි.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් තිබිණි.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇත.