November 27, 2023

2022 වර්ෂය සඳහා නියමිත මුළු දුම්රිය ගමන් සේවා 120,993න් දුම්රිය සේවා 10,077ක් අවලංගු කර ඇති බව වාර්ෂික විගණකාධිපති වාර්තාව මගින් හෙළිකර තිබේ.

මෙරට දුම්රිය මෙහෙයුම්, කාලසටහනකට අනුව ආරම්භ වූයේ 1865 දීය.

වාර්තාවට අනුව, 2022 දී දුම්රිය සේවා, කාලසටහනට අනුකූල ක්‍රියාත්මක වී නොමැති බවට දුම්රිය මගීන් පැමිණිලි කර තිබේ.

මේ අතර දුම්රිය සේවා 32,844 ක් නියමිත වේලාවට ධාවනය වී ඇති අතර, එය වර්ෂය සඳහා සැලසුම් කළ දුම්රිය සේවාවලින් 72%කි.

තවද, 1934දී මුලින් කිලෝමීටර් 1,521ක් ආවරණය කළ දුම්රිය ජාලය 2021දී බෙලිඅත්ත දක්වා කිලෝමීටර් 32ක නව කොටසක් එකතු කිරීමෙන් පසුව පවා, කිලෝමීටර් 56කින් අඩුවී, කිලෝමීටර් 1,465 දක්වා හැකිළී ඇත.

42.31%
17.27%
32.76%