February 15, 2024

2023 වසර තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

2022 වසරේ ලැබී ඇති පැමිණිලි 7,466ට සාපේක්ෂව පසුගිය වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ පැමිණිලි 9,434ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසීය.

කෲරත්වය පිළිබඳ පැමිණිලි 2,242ක්, ලිංගික අපයෝජන 472ක්, දරුණු ලිංගික අපයෝජන 404ක්, ගැහැණු ළමයින් දූෂණය කිරීම් 51ක් සහ දරුවන් අසභ්‍ය ක්‍රියා සඳහා යොදාගැනීම පිළිබඳ පැමිණිලි 6ක් මේ අතර වන බව ඔහු පැවසීය.

මීට අමතරව, ළමා අපචාර, ජාවාරම්, ගෘහස්ථ අපයෝජන, නොසළකා හැරීම සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇත.

ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පැමිණිලි අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසීය.

මේ අතර, ළමා අපයෝජන මැඬලීම සඳහා පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට සාකච්ඡා කරමින් පවතින බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%