October 16, 2024

හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් ඇති වූ රෝගයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ගොවීන් පවසන පරිදි ආසාදිත ඌරන් දින දෙකක් ඇතුළත මියගොස් ඇති අතර වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

වෛරසය පාලනය කිරීමට පියවර නොගතහොත් වෙනත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

එක් කොට්ඨාශයක ඌරන් 20ක් පමණ ඇති බවත්, ඒ සියල්ලටම වයිරසය ආසාදනය වී ඇති බවත් ගොවීහු පෙන්වාදෙති.

එක් ඌරු ගොවිපොළක සිටින ඌරන් 800 න් 200 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තවත් තැනක ඌරන් 60 ක් පමණ මිය ගොස් ඇත.

මීට අමතරව, සෑම ගොවිපොළකම ඌරු පැටවුන් සියගණනක් මිය ගොස් ඇත.

මේ අතර වෛරස් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ පශු වෛද්‍ය කාර්යාලවල නොමැති බව මධ්‍යම නුවරගම්පලත පශු වෛද්‍ය ප්‍රසාද් මඩාටුව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, ඔහු බලපෑමට ලක් වූ ඌරන් පරීක්ෂාවට ලක්කර ඇති අතර, තවමත් වෛරසය වැළඳී නොමැති ඌරන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට කටයුතු යොදා තිබේ.(Daily Mirror)

42.31%
17.27%
32.76%