January 3, 2024

ශ්‍රී ලාංකිකයන් 100 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රැකියා සඳහා කොරියානු ජනරජය වෙත පිටත්ව ගොස් ඇත.

ඒ 2024 දී පිටත්ව යන පළමු කණ්ඩායම සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි මෙම පිරිස ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්ව ගොස් තිබේ.

කොරියානු ජනරජයේ රැකියා සඳහා තෝරාගත් 832 වැනි කණ්ඩායම වන මොවුන් නිෂ්පාදන අංශයේ සේවය කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසේ.

42.31%
17.27%
32.76%