42.31%
17.27%
32.76%
September 27, 2023

වයස අවුරුදු අටක පිරිමි දරුවෙක් ඔහුගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ලිංගික අපයෝජනයට ලබාගැනීම සඳහා ඔහුව යොදාගැනීම යන චෝදනා දෙකට වරදකරු වූ 70 හැවිරිදි වයෝවෘද්ධ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (26) බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා ඔහු වරදකරු කරනු ලැබූ චෝදනා දෙකට වෙන්වෙන්ව නියම කළ එම සිරදඬුවම එකවර එනම් වසර 10 කින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කර තිබේ.

අගතියට පත් දරුවාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා ඔහුට රුපියල් 30,000ක දඩයක් ද නියම කර ඇත.

වන්දිය හා දඩය නොගෙවන්නේ නම් පෙර සිරදඬුවමට අමතරව තවත් මාස 18ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළ විනිසුරුවරයා පෙර කී වසර 10ක සිරදඬුවම ගෙවුණු පසු එම මාස 18ක සිරදඬුවම ක්‍රියාත්මක වියයුතු බවට ද නියෝග කර තිබේ.

මෙයට වසර 12කට පමණ පෙර එම අපරාධය සිදුකරන විට විත්තිකරු වයස අවුරුදු 58ක පුද්ගලයෙක් බවත්, දරුවා වයස අවුරුදු 08ක අයකු බවත්, රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය අධිකරණයට පවසා තිබේ.

42.31%
17.27%
32.76%