August 9, 2023

එක්සත් ජනපදයේ වෙසෙන 10 හැවිරිදි එමා එඩ්වර්ඩ්ස් නම් කුඩා දැරිය ලියුකේමියා රෝගය සෑදී මියයෑමට දින කිහිපයකට පෙර අවසන් කැමැත්ත ලෙස ඇයගේ පෙම්වතාව ලෙස සැළකූ පිරිමි දරුවකු විවාහ කර ගෙන ඇත.

එමා එඩ්වර්ඩ්ස් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී උග්‍ර ලියුකේමියාවෙන් පෙළෙන බව හඳුනාගන්නා ලද අතර, ඇයගේ මාපියන් වන ඇලිනා (39) සහ ආරොන් (41) සඳහන් කර ඇත්තේ, ඇයට රෝගය පරාජය කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූ බවයි.

සුදු රුධිරාණු වලට බලපාන ආක්‍රමණශීලී ස්වරූපයක්වන ඇයගේ පිළිකාව සුව කළ නොහැකි බවත්, ඇයට ජීවත් වීමට ඇත්තේ දින කිහිපයක් පමණක් බවත්, ජූනි මාසයේදී ඔවුන්ට දැනගන්නට ලැබුණු අතර, ඇය අවාසනාවන්ත ලෙස ජූලි 11 වැනිදා මියගොස් ඇත.

එමාගේ සිහිනය වී ඇත්තේ දස හැවිරිදි ඩැනියෙල් මාෂල් ක්‍රිස්ටෝපර් විලියම්ස් නොහොත් ඩීජේ ලෙස හැඳින්වෙන ඇයගේ අවුරුදු දෙකක කාලයක් සමීපව සිටි “පෙම්වතාව” විවාහ කර ගැනීමට බව ඇයගේ මව පවසයි.

එමාගේ සිහිනය සැබෑ කිරීම සඳහා පවුලේ අය සහ මිතුරන් එකට එකතු වීමට තීරණය කර ජූනි 29 වැනිදා ඔවුන් සඳහා උත්සවයක් පවත්වා ඇති අතර, එයට අමුත්තන් 100ක් පමණ පැමිණ තිබේ.

බොහෝ දරුවන්ට ඩිස්නිලන්තයට යෑමට අවශ්‍ය නමුත්, එමාට අවශ්‍ය වූයේ විවාහ වී බිරිඳක් වීමට සහ දරුවන් තිදෙනෙක් ලැබීමට බවද ඇයගේ මව සඳහන් කර තිබේ.