January 10, 2024

නව කැසිනෝ ශාලා 10ක් සඳහා අයදුම්පත් ලැබී ඇති නමුත් රජය තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙම තොරතුරු හෙළිකළේ කොළඹ, මහනුවර සහ යාපනයේ නව කැසිනෝවලට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

“අපි කැසිනෝවලට අදාළව නව නීති ගෙනැවිත් තිබෙනව. වසර පහක කාලයක් සඳහා බලපත්‍රයක් ලබාදීමේදී රුපියල් මිලියන 500ක් අයකෙරෙනවා. ඒ වගේම කැසිනෝවලට ඇතුල්වීමේ ගාස්තු වැඩි කරන්නත් අපි අදහස් කරනවා. ශ්‍රී ලාංකිකයන් කැසිනෝවලට යෑම අධෛර්යමත් කිරීම අපේ අරමුණයි,” යැයි රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

“රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හැකිවන පරිදි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට කැසිනෝ ශාලා හඳුන්වාදිය යුතුයි. එසේ නොවුණහොත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ජනතාවගෙන් තවත් බදු අයකිරීමට සිදුවේවි,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතුරලියේ රතන හිමියන් කියාසිටියේ මහනුවර ඇතුළු කැසිනෝ ශාලා දෙකකට රජය දැනටමත් බලපත්‍ර ලබාදී ඇති බවයි.

42.31%
17.27%
32.76%