42.31%
17.27%
32.76%
September 21, 2023

ඉන්දීය මුල්‍ය ආධාර යටතේ ශ්‍රී ලංකාවට දුම්රිය එන්ජින් 10ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පවසයි.

එම දුම්රිය එන්ජින් මෙරටට ආනයනය කිරීමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් ඇත.

දුම්රිය එන්ජින් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවත්, පැරණි දුම්රිය එන්ජින් අලුත්වැඩියා කළද කාර්මික දෝෂ හේතුවෙන් මගී ජනතාව බොහෝවිට අපහසුතාවට පත්වන බවද ඔහු වැඩිදුරටත්  සඳහන් කරයි.

42.31%
17.27%
32.76%