Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්පැන් නිෂ්පාදකයන් පිරිසකගෙන් අයකර ගත යුතු රුපියල් බිලියන 1.8ක හිඟ බදු මුදලක් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මෙම අයකර ගැනීම සිදුකර නොමැත්තේ පසුගිය වසරේ සිට 2024 ජුනි 15 වැනිදා දක්වා කාලයට අදාළ හිඟ බදු මුදල අය කර ගැනීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දී තිබූ නිර්දේශ නොතකා බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කමිටුවේ නිර්දේශ නොසළකා හැරීම පාර්ලිමේන්තුවට සහ කාරක සභාවට කරන අගෞරවයක් බව ද කාරක සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
කාරක සභාව ලබාදුන් නිර්දේශ අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරවල සුරාබදු අයකර ගැනීමේ ගිවිසුම් සහ එම කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අතර පවතින පරස්පරතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මුදල් අමාත්‍යාංශය සිය ලිපියට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
මෙම කාරක සභාවේ දී අනාවරණ වී තිබුණේ හිඟ බදු මුදල් ලෙස ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 1,659ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37ක් සහ වයඹ ඩිස්ටිලරීස් සමාගම රුපියල් මිලියන 79ක් ගෙවීමට ඇති බවයි.
2023 වසරේ සිට 2024 ජුනි 15 වැනිදා දක්වා අය කිරීමට නියමිත හිඟ බදු මුදල රුපියල් බිලියන 1.8ක් බවද අනාවරණ වී තිබේ.
ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කර ඇති ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය වී ඇති බව ද අනාවරණ වී ඇත.
කාරක සභා සභාපතිවරයා චෝදනා කළේ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අපොහොසත් වී ඇති අතර එසේ තිබියදීත් කොමසාරිස්වරයා ක්‍රම හා විධි කාරක සභාව මඟහරිමින් සිටින බවටයි.
2023 වසර සඳහා හිඟ නිෂ්පාදන බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දීමක් කරන ලෙස කාරක සභා සභාපතිවරයා එහි ලේකම්වරයාට මෙහිදී නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart