November 30, 2023

මුද්‍රණ ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 06 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුද්‍රණ යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසයි.

පසුගිය සඳුදා දෙපාර්තමේන්තුවට මුද්‍රණ යන්ත්‍ර 03ක් ලැබුණු නිසා රියදුරු බලපත්‍ර ලක්ෂ 09 කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතව තිබියදී බලපත්‍ර මුද්‍රණය නැවත ආරම්භ කරන බව ඔහු සඳහන් කරයි.

“ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස LC (ණයවර ලිපි) විවෘත කිරීමට නොහැකිවීම හේතුවෙන් බලපත්‍ර කාඩ්පත් ආනයනය කිරීමේදී ඇති වූ ගැටළු විසඳා ගත්තද, අප මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වූයේ මුද්‍රණ යන්ත්‍ර හිඟයයි” ඔහු පවසයි.

එමෙන්ම මුද්‍රණ යන්ත්‍ර 03 ලැබීමත් සමඟ මුද්‍රණ කටයුතු මේ සතියේ නැවත ආරම්භ කරන බවත්, මාස 06ක් ඇතුළත රියදුරු බලපත්‍ර මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.

42.31%
17.27%
32.76%