November 24, 2023

රටේ ස්ථිර නිවාස නොමැති පවුල් හත්ලක්ෂ අසූනව දහස් දෙසීය හතලිස් දෙකක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට අමතරව තාවකාලික සෙවිලි සැකසූ නිවාස හාරලක්ෂ අසූහය දහස් හාරසිය විසිහයක් තිබෙන බවත්, ඒවා වැඩිපුරම ඇත්තේ පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල බවත්, රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

42.31%
17.27%
32.76%