December 31, 2023

යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන සැකකරුවන් ගණන දිනෙන් දින ඉහළ යෑමත් සමඟ රැඳවියන් නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල රුපියල් පන්කෝටියකට ආසන්න වී ඇතැයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

රටපුරා පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 11,000ක් වුවත් මේ වනවිට බන්ධනාගාරගතකර සිටින රැඳවියන් ගණන 30,000 ද ඉක්මවා ගොස් තිබේ.

යුක්තිය මෙහෙයුම ආරම්භයට පෙර මෙරට බන්ධනාගාරවල සිටි රැඳවියන් සහ සැකකරුවන් නඩත්තු කිරීමට දිනකට වැය වූයේ රුපියල් හාරාකෝටි විසිලක්‍ෂයක පමණ මුදලකි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ, බන්ධනාගාරගත වන එක් සැකකරුවකු නඩත්තු කිරීමට දිනකට රුපියල් එක්දහස් පන්සියයක් පමණ වැයවන බවයි.

මත්ද්‍රව්‍ය මැඬලීම ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම මගින් බන්ධනාගාරගත වන සැකකරුවන් ඇතුළු සෙසු රැඳවියන් නඩත්තු කිරීම හා රඳවා තැබීම අභියෝගයක් වුවත් ඊට විසඳුම් යොදන බවද ඇමැතිවරයා පවසයි.

42.31%
17.27%
32.76%