November 23, 2023

වර්ෂ 2005 වසරේ පිටිගලදී පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණය පුද්ගලයන් සිව්දෙනකුට මරණ දඩුවම නියම කර ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය ඊයේ (22) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව පොලිසිය පවසයි.

දෙහිවල, මොරටුව සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි මෙම වරදකරුවන් සිව්දෙනා විසින් එක් අයකු කපා කොටා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වේ.

2005 වසරේ පිටිගල අමුගොඩ ප්‍රදේශයේ පැවැති නීතිවිරෝධී රැස්වීමකදී මෙම අපරාධය සිදුව ඇත.

42.31%
17.27%
32.76%