42.31%
17.27%
32.76%
January 19, 2024

නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි පුද්ගලයන් තිදෙනකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී ය.

නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම හක්බෙල්ලන් තොගය හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 33 ත් අතර වයසේ පසුවන මන්නාරම, ඒත්තාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ය.

42.31%
17.27%
32.76%