March 9, 2024

දුම්බර බන්ධ­නා­ගා­රයේ සිට රම්බො­ඩ­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත නඩු කට­යුතු සඳහා රැගෙන ආ රැඳ­වූ­වන් තිදෙ­නකු අධි­ක­රණ කට­යුතු හමාර වී යළි බන්ධ­නා­ගාර බස­යට යොමුකර­මින් සිටි අව­ස්ථාවේ බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී පැන­ගොස් ඇති අතර, ඊයේ (8) කළ මෙහෙ­යු­ම­කින් පසු එක් රැඳ­වූවකු රිදී­ගම පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙසේ පළාගිය, මනුෂ්‍ය ඝාත­න­යක් සම්බ­න්ධව බන්ධ­නා­ගාර ගත­කර සිටි සිර­කරු යළිත් රිදී­ගම පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ රිදී­ගම පොලිස් වස­මට අයත් මාර්ග­යක ධාව­නය වූ බස­යක් තුළ සිටි­ය­දීය. සිර­ක­රු­වන් තිදෙ­නකු පලා යෑමත් සමඟ රිදී­ගම පොලි­සිය විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර ඇති අතර, එහිදී යොදා තිබූ මාර්ග බාධ­ක­ය­කදී බස් රියක් නවත්වා පරීක්ෂා කිරී­මේදී මේ සිර­කරු එහි වාඩි වී සිට ඇත. එම රැඳ­වූවා රිදී­ගම පොලි­සිය විසින් යළිත් දුම්බර බන්ධ­නා­ගා­රය වෙත ඊයේ (8) භාරදී තිබිණී.

පසු­ගිය 7 දා පෙර­ව­රුවේ මේ රැඳ­වූ­වන් තිදෙනා රම්බො­ඩ­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත රැගෙන විත් ඇත්තේ NW-6207 බන්ධ­නා­ගාර බස් රථ­යෙනි. මොවු­න්ගෙන් එක් අයකු වල­ගම පිහි­ඹුව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වූ 33 හැවි­රිදි අයකු වන අතර ඔහු මනුෂ්‍ය ඝාත­න­යක් සම්බ­න්ධ­යෙන් පසු­ගිය වසරේ නොම්බර් මස 25 දා බන්ධ­නා­ගා­ර­ගත කළ අයෙකි.

වල­ව්වත්ත, තණ­දෙ­ණි­යා­වල පදිංචි 31 හැවි­රිදි අනෙක් රැඳ­වූවා පහ­ර­දීම් සම්බන්ධ චෝදනා මත බන්ධ­නා­ගා­ර­ගත කළ අයෙකි. 37 හැවි­රිදි අනෙක් රැඳ­වූවා මොර­තිහ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර ඔහු සොර­කම් සම්බ­න්යෙන් මෙව­සරේ ජන­වාරි 26 දින බන්ධ­නා­ගා­ර­ගත කළ අයෙකි.

පළා­ගිය සෙසු සිර­ක­රු­වන් සොයා රිදී­ගම පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වන අතර බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වද ජේල­ර්ව­ර­ය­කුගේ මූලි­ක­ත්ව­යෙන් විශේෂ පරී­ක්ෂ­ණ­යක් අරඹා ඇත.(දිනමිණ)

42.31%
17.27%
32.76%