June 2, 2024

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යෑමෙන් හත් හැවිරිදි දැරියක් ඇතුළු එකම පවුලේ තිදෙනකු ඛේදජනක ලෙස මියගොස් තිබේ.

අද අලුයම 2.00 ත් 3.00 ත් අතර කාලයේ මියගිය පුද්ගලයා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය ගංවතුරට හසුව ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාවත් සමඟ ඔවුන්ගේ නිවස ආසන්නයේ ඇළක ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%