42.31%
17.27%
32.76%
October 12, 2023

ව්‍යාජ ලේඛන සකසමින් ඉමියුනොග්ලොබයුලින් ඖෂධය ගෙන්වූ සමාගම තවත් ඖෂධ දෙකක් ව්‍යාජ ලේඛන සකසමින් මෙරටට ගෙන්වා ඇති බව ජාතික ඖෂධ නියාමන අධික‍ාරියේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විජිත ගුණසේකර ඊයේ (11) පැවැසීය.

එම ඖෂධයන් ආනයනය කිරිමේදී රේගු නිෂ්කාශනයට හා ප්‍රසම්පාදන ක්‍රියාවලියට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර තිබේ.

එම ‍ඖෂධයන් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන රිට්‍රක්සිමාබ් (Rituximab) එන්නතය වන අතර එය මාතර රෝහලේ භාවිතයට ගෙන ඇති බවත්, අනෙක් ඖෂධ මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානු ඖෂධ සමාගමක් වන Livealth biopharma Pvt Ltd නිෂ්පාදනය කරන ලද්දක් යැයි පවසමින්, lsokez biotech pharma AG Pvt Ltd නම් සමාගමක් විසින් මෙම ඖෂධ ආනයනය කර ඇති බවත්, එම ඖෂධ දෙකක් නියමන පටිපාටියට පටගැනිව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති බවත් ඔහු පැවසිය.

Livealth biopharma Pvt Ltd නම් ගුජරාට් නිෂ්පාදන සමාගම මෙම ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදන නොකරන ආචාර්ය විජිත ගුණසේකර සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල , මාතර හා මාතලේ දිස්ත්‍රක් රෝහල්වලින් වාර්තා වු අසාත්මිකතා රෝගීන් හේතුවෙන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහය අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇත.

එමෙන්ම අදාළ සමාගම වැටළීමට කටයුතු කිරීමට පෙරේදා (10) දිනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබුණ ද, එම ආයතනය ඉබ් යතුරු දමා තිබුණ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තුමෙන්තුවට ලිඛිතව දන්වා ඇති බවත් ඔහු සදහන් කළේය.

මෙම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවට සඳහන් කර ඇති Livealth biopharma Pvt Ltd නම් සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ, සිය සමාගම මෙම ගනුදෙනුවට කිසිසේත් සම්බන්ධ නොමැති බවත්, තමන් සුදුළූණු ආශ්‍රිත ආයුර්වේද ඖෂධ පමණක් නිෂ්පාදනය කරන බවත්ය.

42.31%
17.27%
32.76%